Tuesday, April 30, 2024

General line - 0115112241

ගුවන් යානා තාක්ෂණයත් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැරසෙයි




දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. එහි අරමුණ වී ඇත්තෙ ගුවන් තාක්ෂණය පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීමයි. අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව ඒ සදහා ඉදිරි පියවර ගන්නා බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

රත්මලාන ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති කොළඹ පියසැරි සංගමයේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ පාසල් ගුවන් සමාජ බිහිකිරීමෙන් ගුවන් තාක්ෂණය පිළිබඳව දරුවන් උනන්දු කල හැකි බවත්, එය ඉදිරියේදී පාසල් විෂය ධාරාවට ඇතුලත් කල හැකි බවයි. ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.