Tuesday, April 30, 2024

General line - 0115112241

ලොවම බලා සිටින අවුන් සාන් සුචීගෙන් විශේෂ ලිපියක්




මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය කිසි ලෙසකින් හෝ පිළිනොගන්නා ලෙස එරට පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචී මියන්මාර ජනතාවගෙන් ඉල්ලි සිටිනවා. ඒ, විශේෂ ලිපියක් නිකුත් කරමින් එමගින් ඇය අවධාරණය කර ඇත්තේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දක්වන ලෙසයි. රටේ පාලනය යළි හමුදා අතට පත්වීම යනු මියන්මාරය යළි ආඥ්ඥාදායකත්වයකට යටත් වීමක් බව අවුන් සාන් සුචී පෙන්වා දී තිබෙනවා. 

මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව අද ප්‍රකාශ කළේ අවුන් සාන් සුචී ඇතුලු ඇයගේ පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් පිරිසක් හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. අනතුරුව මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේවෙතත් රට තුළ හදිසි නීතිය පැනවීමට හැක්කේ මියන්මාර ජනාධිපතිවරයාට පමණක් වූවද ජනාධිපතිවරයාද මේ වන විට සිටින්නේ හමුදා රැඳවුම් භාරයේයි.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටී ඇති අතර බැංකු අසල ජනතාවගේ දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ප්‍රධාන නගර රැසක මේ වන විටත් හමුදාව සීරුවෙන් තබා තිබෙනවා.