Monday, May 6, 2024

General line - 0115112241

හමුදා භාරයට ගැනුණු අවුන් සාන් සුකී සිරගත කරයි




කුමන්ත්‍රණයක් හමුවේ හමුදාව භාරයට ගැනුණු මිනය්මාරයේ සිවිල් නායිකා අවුන් සාන් සුකී සිරගත කර තිබෙනවා. ඒ, ලබන 15 වනදා දක්වායි. මියන්මාර පොලීසිය විසින් අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා කිහිපයක්ම ගොනු කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ආනයන හා අපනයන නීති උල්ලංඝණය කිරීම හා නීතිවිරෝධී සන්නිවේදන උපකරණ සන්තකව තබා ගැනීම ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනාවන් අතරට අයත්.

කෙසේවෙතත්, සිරගත කෙරුණු අවුන් සාන් සුකී රඳවා තබා ඇත්තේ කොහිද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. විදෙස් වාර්තා පවසන්නේ මියන්මාරයේ අගනුවර පිහිටි අවුන් සාන් සුකීගේ නිවෙස තුළ ඇය රඳවා සිටින බවයි.

මේ අතර බලයෙන් පහ කරන ලද මියන්මාරයේ ජනාධිපති වින් මයින්ට්ට එරෙහිව ද චෝදනා ගොනු කර තිබෙනවා. අදාළ චෝදනාවන්ට අදාළව ජනාධිපතිවරයාව ද සති 02 ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කර ඇති බවයි.