Monday, May 6, 2024

General line - 0115112241

අයි පී එල් වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 ක්




මෙවර අයි පී එල් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි කර තිබෙනවා. මෙවර තරඟාවලියේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි කර ඇති සමස්ත විදේශීය ක්‍රීඩකයින් ගණන 283 ක්. ඒ අනුව වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

මෙවර තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 56 ක්, ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයින් 42 ක් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 38 ක් ලියාපදිංචි කර තිබෙනවා. 

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.