Monday, May 6, 2024

General line - 0115112241

වසර 14කට පසු මියන්මාරයම රතු වෙයි




මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්ව සිටින සංඛ්‍යාව දස දහස් ගණනක්. ඔවුන්ගෙන් බහුතරය රතු පැහැති ඇදුම්, රතු පැහැති හිසි පලදනා හා රතු පැහැති ධජ අතින් ගෙන විරෝධතාවලට එක්ව සිටිනවා. ඒ අනුව විරෝධතා පැවැත්වෙන නගරවල මාර්ග ගුවනේ සිට බලන කළ රතු පැහැයෙන් දිස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම විරෝධතා සැලකෙන්නේ 2007 වසරෙන් පසු එනම් වසර 14කට පසු මියන්මාරයේ සිදුවන දැවැන්තම විරෝධතා මාලාව ලෙසයි. විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ තමන්ට අවශ්‍ය වන්නේ හමුදා ආඥ්ඥාදායකත්වයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවයි. 

මෙම විරෝධාවලට ප්‍රධාන හේතුව වන්නේ ඉකුත් මැතිවරණයෙන් ප්‍රජාත්නත්‍රවාදීව තේරී පත් වු එරට ජාතීක ලීගයේ නායිකා අවුන් සාන් සුචී ඇතුලු පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ රඳවා සිටිමයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදා නායකයින් පැවසුවේ මියන්මාරයේ බලය තම අතට ගත් බවයි. කෙසේවෙතත් රටපුරා මතුවන විරෝධතා රැල්ල සම්බන්ධයෙන් හමුදා නායකයින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. විරෝධතා හමුවේ දිනකට අධික කාලයක් බිද දමා තිබූ මියන්මාරයේ අන්තර් ජාල සැපයුම් මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.