Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායන රීති උල්ලංඝණය වන ලෙස පවත්වාගෙන ගිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 38 ක් හඳුනා ගැනේ




නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බස්නාහිර පළාතේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන 447 ක් ගතවූ පැය 24 දී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නිරෝධායන රීති උල්ලංඝණය වන අයුරින් පවත්වාගෙන ගිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 38 ක් හඳුනා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

මේ අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 15 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3,056 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.