Monday, May 6, 2024

General line - 0115112241

ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

පෞද්ගලික හේතුවක් මත පෝල් කවුරි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. 2018 වසරේ පෙබරවාරි මස 15 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වූ පෝල් කවුරි, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය මූලික කරගනිමින් සේවයේ නිරත වුණා. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු ක අසන්ත ද මෙල් ද, එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.