Thursday, May 16, 2024

General line - 0115112241

ගතවූ පැය 24 දී රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මරුට




රිය අනතුරුවලින් ගතවූ පැය 24 තුලදී පමණක් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් පුද්ගලයින් 09 දෙනෙකුම මියගොස් ඇත්තේ ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් බවයි පොලීසිය පැවසුවේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනා මීට පෙර සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයින් බව පොලීසිය සඳහන් කළා. මියගිය පිරිස අතර යතුරු පැදිකරුවන් 05 දෙනෙකු, පදිකයින් සිව්දෙනෙකු, රියදුරෙකු හා මගියෙකු ද වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.