Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාර වාර්තාව පිලිබඳ විශේෂ කැබිනට් රැස්වීම පවත්වන දිනය




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සකස් කිරීමෙන් පසු කඩිනමින් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉකුත් ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාව පිළිබදව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාව පිළිබද අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල එහිදී ප්‍රකාශ කළේ මෙම කොමිෂන් සභාව බලය ඉක්මවා කටයුතු කර ඇති බවයි.

එම කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් එය ලැබුණු පසු ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණෙ