Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රි ලංකාව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රිඩා කර අදට වසර 39 ක්




ශ්‍රි ලංකාව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රිඩා කර අදට වසර 39 ක් සපිරෙනවා. බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරා ඕවල් පිටියේදියි. මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රංජන් මඩුගල්ල ලකුණු 65ක් සහ අර්ජුණ රණතුංග ලකුණු 54 ක් රැස් කළා. ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී රෝයි ඩයස් ලකුණු 77ක් රැස් කිරීමට සමත් වුණා. එංගලන්ත පළමු ඉනිමේදී අසන්ත ද මෙල් කඩු 4ක් සහ සොමචන්ද්‍ර ද සිල්වා කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වුවා. මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි නෙත් ස්පෝට්ස්මන් වෙත සිය මතකය අවදි කළේ මෙලෙසයි.