Wednesday, May 1, 2024

General line - 0115112241

BJP හෙවත් භාරතීය ජනතා පක්‍ෂය ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම පිළිබදබ අදත් දේශපාලන කරලියේ කතාබහක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්‍ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීම පිළිබද පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාධ්‍ය වෙත අදහස් පළකළා. ඔහු කියා සිටියේ එය ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් බව හා එය ඉන්දිය මධ්‍යම රජයේ ස්ථාවරය නොබව බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ඉන්දියාවේ BJP හෙවත් භාරතීය ජනතා පක්‍ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීම පිළිබද එම පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු පළ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පළ කළේ මෙලෙසයි.