Wednesday, May 1, 2024

General line - 0115112241

ජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබ‍ා ගනී (PHOTOS)




පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘" ඇස්ට්‍රාසෙනිකා" එන්නත ලබාගෙන තිබෙනවා. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටිය බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදනය අංශය සඳහන් කළේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කථානායක නිල නිවසට ගොස් ‍එතුමා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් ඇත.

කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම උදෙසා කථානායකවරයා මෙලෙස එන්නත ලබා‍ ගෙන ඇත.

මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද  ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

අද දින මධ්‍යහන 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.