Wednesday, May 1, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් කට්ටල දෙකක් වව්නියාවෙන් සොයාගනියි 

වවුනියාව - මාධව කුලසූරිය




වවුනියාව, සෙට්ටිකුලම හි පිහිටි සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැළැවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් අද (17) සොයාගත් බව ආරක්ෂක අංශ පවසනවා,

වවුනියාව ආරක්ෂක අංශ පැවසූවේ වවුනියාව රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත සඟවා තිබු මරාගෙන මැරෙන ඇදුම් කට්ටල දෙක සොයාගත් බවයි.

එකක් කිලෝග්රැම් දෙකහාමාරක පමණ බරකින් යුතු පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත මරාගෙන මැරෙන බෝම්බ සවිකළ ඇඳුම් කට්ටල දෙකක් එලෙස සොයාගෙන ඇති බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසුවේ.

සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල පුපුරණ ද්‍රව්‍ය වර්තමානයේදීද ජීව තත්වයේ පවතින අතර පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අදාළ පුපුරණද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට නියමිත බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙටිටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.