Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කෙරේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවඩ් සේකර් එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. චමින්ද වාස් දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

චමින්ද වාස් මෙරටින් බිහි වූ සාර්ථකම වේග පන්දු යවන්නායි. ටෙස්ට් තරඟ 111 කදී කඩුලු 355 ක් සහ එක්දින තරඟ 322 කදී කඩුලු 400 ක් ඔහු විසින් බිඳ හෙළා තිබෙනවා.