Wednesday, May 8, 2024

General line - 0115112241

ලහිරු කුමාරටත් කොරෝනා 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහුට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර හෙට අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.

ලහිරු කුමාර වෙනුවට කණ්ඩායමට නම් කරන ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වනවා.