Wednesday, May 8, 2024

General line - 0115112241

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ යටි අරමුණු ඇත්දැයි පරිසර සංවිධාන සැකයෙන්




මුතුරාජවෙල තෙත් අභයභූමිය පරිසර අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත්තේ යටිඅරමුණකින් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මුතුරාජවෙල තෙත් බිම විනාශ කරමින් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට පෞද්ගලික සමාගමක්  උත්සාහ දරමින් සිටින බවයි පරිසරවේදීන් පවසන්නේ.

මුතුරාජවෙල තෙත්බිම වනජීවි දෙපාර්තමේන්තුව යටතේ අභය භූමියක් ලෙස තවදුරටත් සුරක්‍ෂිත කරමින් එම සියළු උත්සාහයන් පරාජය කළයුතු බව සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් නෙත් නිවුස් වෙත කියාසිටියා.

මුතුරාජවෙල තෙත් බිම් අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම හරහා සිදුවිය හැකි බලපෑම පිළිබද පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මෙලෙස කරුණු පැහැදිලි කළා.