Monday, April 29, 2024

General line - 0115112241

රෝඕ සේෆ්ටි වර්ල්ඩ් සීරිස් T-20 තරගාවලිය මාර්තු 02 ආරම්භ වේ 




රෝඕ සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට එක්වන කණ්ඩායම් හයේ අවසන් සංචිත මේ වන විට ප‍්‍රකාශයට  පත්කර තිබෙනවා.  ඉකුත් වසරේදී මෙම තරගාවලියට එක් වූ  ඕස්ටේ‍්‍රලියානු ලෙජන්ඕස් කණ්ඩායම මෙවර තරගාවලියට එක් වන්නේ නැහැ. ඒ වෙනුවට හිටපු කී‍්‍රඩකයින්ගෙන් සැදුම්ලත් බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් එක්ව තිබෙනවා. 

මෙම තරගාවලියට මෙවරද තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා ලෙජන්ඕස් කණ්ඩායම සහභාගිවන අතර ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්ද තරගාවලියට එක්ව සිටිනවා. මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ අතර කොරොනා වසංගත තත්වය හේතුවෙන් එහිදී පැවැත්වීමට හැකි වූයේ තරග 4ක් පමණයි.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ලබන මාර්තු මස 2 වනදා සිට 21 වනදා සිට ඉන්දියාවේ රායිපූර් හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකා ලෙජන්ඕස් කණ්ඩායමට සනත් ජයසූරිය, උපුල් තරංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, තිළිණ තුෂාර, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රසල් ආනල්ඕ, ෆර්වීස් මහරුෆ්, රංගන හේරත්, මලින්ද වර්ණපුර, චාමර කපුගෙදර සහ චින්තක ජයසිංහ යන කී‍්‍රඩකයින් එක්ව සිටිනවා. තරගාවලියේ ශී‍්‍ර ලංනා ලෙජන්ඕස් කණ්ඩායම සහභාගි වන පළමු තරගය මාර්ත මස 6 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.