Monday, April 29, 2024

General line - 0115112241

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට




සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස කිි‍්‍රකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇතැයි වා්රතා වෙනවා. ඒ නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්.

 විස්සයි විස්ස තරගාවලියේදී නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනු ඇතැයිද වාර්තා පළ වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වමින් ශීී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ දිමුත් කරුණාරත්න මේ දක්වා එක් හෝ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට කී‍්‍රඩා නොකිරීම හේතුවෙන් අත්දැකීම් සහිත කී‍්‍රඩකයෙකුට මෙම තරගාවලියේදී නායකත්වය ලබාදෙන  බවයි. 

දිමුත් කරුණාරත්න LPL තරගාවලියේදීද කිසිදු කණ්ඩායමක් නියෝජනය නොකළ බවයි එම උසස් නිලධාරියා සදහන් කළේ. ඒ අනුව කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේදීී ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට නියමිතව තිබෙනවා.  

වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත දසුන් ශානකට සෙසු කී‍්‍රඩකයින් සමග කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.  

2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වී ඇති අතර මේ හේතුවෙන් මෙම ගැටලූව වුණා. එහි වසර 5ක් සදහා අමෙරිකානු වලංගු වීසා ඇතුළත්ව තිබූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. කෙසේ වෙතත් මෙම වීසා ගැටලූව මෙතෙක් විසදා ගැනීමට හැකියාව ලැබී නැහැ. තරග 3කින් සමන්විත කොදෙව් - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 4 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට එක්වන කොදෙව් සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කළ අතර කි‍්‍රස්ගේල් වසර දෙකකට පසු කොදව් විස්සයි විස්ස සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්. කිරන් පොලාර්ඞ්ගේ නායකත්වයන් කොදව් සංචිතයට වසර 9කට පසු  වේගපන්දු යවන කී‍්‍රඩක ෆිදෙල් එඞ්වර්ඞ්ස්ද කැදවා තිබෙනවා. කෙසේ වෙතත් එම සංචිතයට අන්ද්‍රේ රසල් ඇතුළත්ව නැහැ.