Monday, April 29, 2024

General line - 0115112241

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත ගැන පර්යේෂණයකින් හෙළිවූ දේ 




අමෙරිකාවේ ජොන්සන් ඇන්ඞ් ජොන්සන්ස් සමාගම නිපදවූ කොවිඞ් මර්දන එන්නතෙහි එක් මාත‍්‍රාවක් පමණක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප‍්‍රමාණවත් බව එරට නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා. එක් මාත‍්‍රාවක් පමණක් එන්නත් කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට මෙතෙක් තහවුරු වී ඇති එකම එන්නත ද මෙයයි.

ඒ අනුව ජොන්සන් ඇන්ඞ් ජොන්සන්ස් කොවිඞ් මර්දන එන්නත මහජනතාව වෙනුවෙන් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන නියෝජිතායතනය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අනුමැතිය හිමිවුවහොත් මහජන හදිසි භාවිතය ස`දහා අමෙරිකාව තුළ අවසර හිමි වන තුන්වන එන්නත බවට එම එන්නත පත්වනු ඇති.

හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවූ විගස එම එන්නත හැකි ඉක්මණින් මහජනතාව වෙත ලබාදීම කෙරෙහි අමෙරිකානු බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ජොන්සන් ඇන්ඞ් ජොන්සන්ස් සමාගම ප‍්‍රකාශ කර ඇත්තේ අවසර ලද විගස, ලබන සතියේ සිට වුව ද සිය එන්නත් මාත‍්‍රා මිලියන 03 සිට මිලියන 04 ක් දක්වා තොගයක් නැව්ගත කිරීමට සූදානමින් සිටින බවයි. මාර්තු මාසය අවසන් වනවිට මිලියන 20 ක ජනතාවකට ප‍්‍රමාණවත් එන්නත් සැපයීමට අපේක්ෂා කරන බවයි එම සමාගම ප‍්‍රකාශ කර ඇත්තේ.