Monday, April 29, 2024

General line - 0115112241

කලා බලලු වැව රක්ෂිතය අලංකාරය කළ "අහිංසකම රේවත" ඝාතනය කරයි (PHOTOS)

කුෂන් ජයවර්ධන / කාංචන කුමාර ආරියදාස 




කලා බලලු වැව රක්ෂිතයේ අලංකාරය කළ මෙරට බොහෝ අලි ඇතුන් දැක බලා ගැනීම සඳහා පැමිණෙන දෙනා හඳුනන "රේවත" නැමැති ඇතා කැකිරාව, මහ කැකිරාව අලියා වැටුණුවැව ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙන් ඊයේ (08) රාත්‍රීයේ මියගොස් සිටි දී සොයා ගත් බව වනජීවී නිලධාරීන් පවසනවා.

කලා බලලු වැවට ආඩම්බරකාරයෙකු ලෙස නිතර නිතර බොහෝදෙනා ආරක්ෂා කරන සතෙකු ලෙසත් රේවත ප්‍රසිද්ධ වී සිටි අතර කලාවැවේ ජාතික උද්‍යානයක් කළ ද එහි නිසි ආරක්ෂාවක් නොමැති නිසා මෙම වන සතුන් ගම් වැදීම හේතුවෙන් ඉතා අමානුෂික ආකාරයෙන් මියයන බව පරිසරවේදීහු පෙන්වා දෙනවා.

කැකිරාව, මහ කැකිරාව ප්‍රදේශයේ අලියා වැටුණු වැව ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිඟු හේනකට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මෙම ඇතා මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවනවා.

මෙම ඇතා ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පසු වෛද්‍ය නිළධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .මෙම ඇතා අවරුදු 50ක් 55ක් පමණ වයස ඇති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ සිටි වැඩිමල්ම ඇතා බව වනජීවී නිලධාරීන් පවසයි.

මෙම රංචුවේ සිටි අහිංසකම ඇතා රේවත බවත් මීට පෙර කිසිදු පුද්ගලයකුට පහර දීමක් හෝ ඉඩම් වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ මෙම ඇතා විසින් සිදුකළ බවට වාර්තා වී නැති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.

වසර 50 ක පමණ කාලයක් ම මෙම ඇතා ගල්කිරියාගම පුබ්බෝගම කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඉතා අහිංසකව සිටි ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් ඇතාගේ හදිසි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවා.

මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.