Monday, April 29, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් - විසිර යන සිසුන්ට පොලීසියෙන් සිහිකැඳවීමක්




2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් ගණන හය ලක්ෂ 22,352 දෙදෙනෙක්. විභාගය අද අවසන් වූ පසු සාමාකාමීව විසිර යන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයෙන් පිටත යම් කලහකාරී සිද්ධියක් ඇති වුවහොත් ඊට සම්බන්ධ විභාග අපේක්‍ෂකයන්ට දැඩි දඬුවම් පමුණුවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර අද දිනයේ විභාගය අවසන්වීමෙන් පසු කණ්ඩායම් වශයෙන් රැස්වී විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට ඇතැම් විභාග අපේක්‍ෂකයන් උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.