Monday, April 29, 2024

General line - 0115112241

නකල්ස් රක්‍ෂිතය අවදානමට ලක් කරමින් එනසාල් වගාව අරඹයි - පරිසරවේදීන්ගෙන් අනතුරු ඇගවීමක්




ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්‍ෂිතය අවදානමට ලක් කරමින් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල එනසාල් වගාකිරීමට අවස්ථාව ලබාදී ඇතැයි පරිසරවේදීන් චෝදනා කරනවා. මීට පෙර එම රක්‍ෂිතයේ එනසාල් වගා කර තිබූ අතර මේ හේතුවෙන් නකල්ස් රක්ෂිතයේ පාංශු ඛාදනය වීම් වැඩි වශයෙන් සිදුවුණා. ඒ සමග පරිසරවේදීන්ගේද උපදෙස් මත පසුව නකල්ස් රක්‍ෂිතයේ එනසාල් වගාව නතර කිරීමටයි බලධාරීන් පියවර ගෙන තිබුණේ.

කෙසේවෙතත් වත්මන් රජය ඒ සදහා යළි අවස්ථාව සලසාදීමෙන්  ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්‍ෂිතය දැඩි අවදානමකට ලක්ව ඇති  බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික, පරිසරවේදී සජීව චාමිකර.

එනසාල් වගාවෙන් රක්‍ෂිතයට සිදුවන බලපෑම සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.


එනසාල් වගාව සිදුකළ හැකි වෙනත් භූමි ප්‍රදේශ තිබුණද බලධාරීන් ඒ සදහා ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්‍ෂිතය තෝරාගැනීම ගැටළු සහගත බවයි පරිසරවේදී ගාමිණි ජයතිස්ස සදහන් කළේ.