Thursday, May 2, 2024

General line - 0115112241

ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා මිලියන 07 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය




රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා මිලියන 7 ක් අමෙරිකානු ඩොලර් මිලියන 69 ක මුදලකට මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
ඒ බව සඳහන් කළා.

මේ අතර ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ද රජය තීරණය කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.