Thursday, May 2, 2024

General line - 0115112241

සැක සහිත පොල්තෙල් බව්සර් දෙකක් දංකොටුවේදී පොලිසියේ භාරයට 

ජුඩ් සමන්ත




විෂ කාරක ඇති බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500 ක් අඩංගු බව්සර් දෙකක් දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. 

තෙල් බව්සර් දෙකෙහි රියදුරන් දෙදෙනාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර ඇත.

රාගම ප්‍රදේශයේදී පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා මෙම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.එම තෙල් බව්සර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රදවා තිබෙන විට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

බව්සර් වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි දංකොටුව පොලීසිය සඳහන් කර සිටියේ.