Tuesday, May 7, 2024

General line - 0115112241

පොල්තෙල් අවුල විසඳන්න විපක්ෂයෙන් රජයට යෝජනා දෙකක්




දංකොටුව ප්‍රදේශයේදී සොයා ගැනුණු පිළිකා කාරක ඇති බවට සැක කෙරෙන ආනයනික පොල්තෙල් සහිත බවුසර් දෙකේ අඩංගු පොල්තෙල් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. දංකොටුව පොලිසිය මගින් එම බවුසර් 02 සොයාගනු ලැබුවේ ලද තොරතුරක් අනුවයි. ලීටර් 55,000 ක පොල්තෙල් එම බවුසර්වල තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මේ අතර, මෙරට වෙළඳපොලට නිකුත්වී ඇති බව කියන ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් අදහස් පළ කළා. මේ, ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස.

සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා රජයෙන් ඉල්ලීමක් කළේ ආනයනික තොග පොල්තෙල් බෙදා හැරීම නවතා දමන ලෙසයි. 

මෙම ආන්දෝලනාත්මක පොල්තෙල් තොගය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.