Friday, May 10, 2024

General line - 0115112241

රුපියල තවත් බාල්දු වෙයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද 202 දක්වා පහළ ගියා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ තරම් අගයකින් පහත වැටුනේ මෙරට ඉතිහාසයේ පළමු වරටයි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද දෑක්වුණේ රුපියල් 202 යි ශත 04ක් ලෙසයි. ගැනුම් අගය රුපියල් 197 යි ශත 62ක් ලෙස දැක්වුණා. ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව දක්වා පහළ ගියා.

ඉන් අනතුරුව රුපියල යළිත් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් 16 වනදායි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව දක්වා පහත වැටුණේ ඉකුත් 17 වනදායි.