Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාවෙන් තවත් වාර්තාවක්




පසුගිය වසරේ පැවති මහමැතිවරණය නිදහස් හා සාමකාමී වාතාවරණයක් තුළ පැවති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය තුළ වුව ද එම මැතිවරණය මනා කළමණාකාරීත්වයකින් යුතුව සංවිධාන කර තිබූ බවයි ඉකුත් වසරට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරයට වැය කළ මුදල් සම්බන්ධයෙන් යම් පාලනයක් සිදුව නැති බව ද එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ද අදාළ වාර්තාවේ කරුණු දක්වා තිබෙනවා.

පොලිස් නිලධාරීන් සිවිල් පුද්ගලයින්ට පහර දීමේ සිද්ධීන් වැනි මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් කිහිපයක් ඉකුත් වසර තුළ වාර්තා වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

බන්ධනාගාර තදබදය අධික වීම හේතුවෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ද අදාළ වාර්තාවේ කරුණු දක්වා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතත්, එම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ කිසිවෙක් ඒ අතර නොවන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වන සංශෝධනය මගින් විධායක බලතල ශක්තිමත් වී ඇත‘ ආකාරය පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ කරුණු දක්වා තිබෙනවා.