Friday, May 10, 2024

General line - 0115112241

හෙට පාස්කු දිනයට රට පුරා විශේෂ ආරක්ෂාවක්




පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ආරක්ෂාව සඳහා පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා ඇති බවයි. මෙම පිරිසෙන් 9000ට අධික පිරිසක් පොලිස් නිලධාරීන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.