Saturday, May 11, 2024

General line - 0115112241

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල




විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 1,097 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා. පැමිණි පිරිස අතර ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 123 දෙනකුද කටාර් රාජ්‍යය දෝහා සිට තවත් පුද්ගලයින් 123 දෙනෙකු ද ඊට අයත් වනවා. එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ලෝකයේ විවිධ රටවල් 49 කින් විදේශීය සංචාරකයන් 208 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

මෙසේ පැමිණි පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.  මෙම කාලසීමාව තුළ ගුවන් යානා 21 කින් ගුවන් මගීන් 731 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන්  පිටත්ව ගොස් තිබුණා.