Tuesday, May 7, 2024

General line - 0115112241

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්




නීතිපති දප්පුල ද ලිවේරා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් සාකච්ඡා සඳහා අද කැඳවා තිබෙනවා.

ඒ, වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහායි.

ඉකුත් සමයේ මෙරට තුළ සිදුවූ බව කියන වන විනාශය සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා කියා සිටියේ වන විනාශයන් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගත් බවයි.