Tuesday, May 7, 2024

General line - 0115112241

පරිසරවේදියෙකු ආසන සංවිධායකවරයෙකු කිරීම ගැන සජිත් පිලෙන් උත්තර




LTTE සෙවණැලි යළි මතුවන අවස්ථාවලදී ඊට එරෙහිව ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට සහය ලබාදෙන බව සමගි ජනබලවේගය පවසනවා. යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මේ බව කියා සිටියා. 

මේ අතර පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්. මේ අතරතුර ශ්‍රි ලංකා රේගුව පවසන්නේ ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙන් එක් ආයතනයක පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

සමාගම් තුනක් විසින් මෙරටට ගෙන් වු පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට ඉකුත්දා තොරතුරු අනාවරණය වුණා. එහෙත් වෙළදපොලෙන් ලබා ගත් අහඹු සාම්පල වල ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය අඩංගු නොමැති බවටයි බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ.