Tuesday, May 7, 2024

General line - 0115112241

පක්ෂ 11ක් සමග සිදුකළ සාකච්ජාවේ තීරණ ඉදිරියේදී ජනපතිට හා අගමැතිට දැනුම් දෙනවා - ඇමති මහින්ද අමරවීර




දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තීරණ ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන බව ඊට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු කියා සිටියේ රජයේ ස්ථාවරත්වය පදනම් කරගෙන පමණක් එම සාකච්ඡාව සිදු කළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වූ අතර ඊට පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්ව සිටියා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර.

මේ අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චිද පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර පළාත් සභා මැතිවරණයේදී එක් ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති බවත් ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම අකමැති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.