Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන එනවා - අගමැතිගෙන් පොරොන්දුවක්




පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පල වුණා. එහිදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුවයි.
පසුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන එන බවයි.

ඒ, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කලු පටි පැළද පාර්ලිමේන්තුවට අද පැමිණ තිබූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇදුමෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. 

මේ අතර, හෙට දිනයේ පැවැත්වීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා. 

ඒ, විවාදයේ ආරම්භය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මුල් කර ගනිමින්. 

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන. 
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අදහස් පළ කළ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊටද මැදිහත් වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි. 

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභා මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි 10ක කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබීමට සිදු වුණා.