Monday, April 29, 2024

General line - 0115112241

පල්ලෙකැලේ පිටිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පාරාදීසයක් වෙයි




සංචාරක බංග්ලාදේහ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා. ඒ, කඩුළු 03 කට ලකුණු 512 ක් රැස්කර ගැනීමත් සමගයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, දිනය නිමාවන විට නොදැවී ලකුණු 234 ක් රැස්කර ගෙන සිටියා. ඒ, ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි. දිමුත්ට අගනි සහයක් ලබාදෙන ධනංජය ද සිල්වා දිනය නිමාවන විට නොදැවී ලකුණු 154 ක් රැස්කර ගෙන සිටියා. අද දිනය පුරා ඔවුන් දෙදෙනාම නොදැවී පන්දුවට පහරදීම විශේෂත්වයක්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුළු 07 ක් දැවී ලකුණු 541 ක් රැස්කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූවා. ඒ අනුව ශ්‍රී ලංකා පිළ තවත් කඩුළු 07 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 29 ක් පිටුපසින් සිටිනවා. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනය හෙටයි.