Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානයත් නැති වෙයි




මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 යි ලෝක කුලසාන ක්‍රිකය් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වන තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ, ඉන්දයාවේ කොරෝනා තත්ත්වය දරුණු අතට පත්ව තිබීම හේතුවෙන්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් ඉන්දියාවේ ක්‍රීඩාංගන 09 ක ලබන ඔක්තෝම්බර් මාසයේදී තරගාවලිය පැවැත්වීමටයි තීරණය කර තිබුණේ. එහෙත්, ඉන්දියාවේ කොරෝනා තත්ත්වය උත්සන්නවීමත් සමග තවත් මාස 06 ක් පමණක් තරගාවලියට ඉතිරිව තිබෙන බැවින් සංවිධාන කටයුතුවලට එය ප්‍රමාණවත්දැයි මේවනවිට ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ අනුව මේවනවිට යෝජනා වී ඇත්තේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි. තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම කෙතරම් යෝග්‍යදැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති. 

මෙම තත්ත්වය උදාවූයේ මේවනවිට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ඇතැම් ජාත්‍යන්තර ක්‍රීඩකයින් පවා කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය අතහැර යාමට පෙළඹී ඇති මොහොතකයි.