Tuesday, April 30, 2024

General line - 0115112241

චීන ආරක්ෂක ඇමතිට එරෙහි හෝන් විරෝධතාකරු සමාව අයදී




චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණීමේදී ඊට පහසුකම් සැලසීමට මාර්ගය වසා තිබූ අවස්ථාවේ ඊට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරයේ අවවාද කිරීමෙන් අනතුරුවයි. එහිදී අදාළ පුද්ගලයා, තමාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලීසියට සිදුවූ අපහසුතාවට අධීකරණයේදී සමාව අයැද තිබුණා. 

චින ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණි දින රාත්‍රියේ මාර්ගය වසා තැබූ අවස්ථාවේ පොලීසියේ රාජකාරියට ද බාධාවන අයුරින් මෙම පුද්ගලයා කටයුතු කර තිබුණේ සිය මෝටර් රථයේ නළා ශබ්ද කරමින්. ඔහු අනෙක් රථවාහන රියදුරන් ද සිය විරෝධතාවට පොළඹවමින් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද පසුව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ තවත් තොරතුරු අද උදෑසන ප්‍රචාරය වූ නෙත් නිවුස් කණින් කොණීන් ඇසුනු කථා විශේෂාංගයෙන් ද අනාවරණ කළා.