Tuesday, April 30, 2024

General line - 0115112241

රාජතාන්ත්‍රික බලපෑමක් කර හෝ කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව දුන් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදිය යුතුයි - GMOA




රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් හරහා හෝ මෙරට ජනතාවට පලමු මාත්‍රාව ලෙස ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින් ද සොයිසා මේ බව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි. 

කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ අද දහවල් 12 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් පැවසුවේ කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බවයි.  කෙසේවෙතත්, එම එන්නත් තොගය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් පවතින බවත්, ඒ වෙනුවෙන් මේ වනවිට දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.