Monday, April 29, 2024

General line - 0115112241

අද කොවිඩ් ආසාදිතයින් 1600 ඉක්මවයි : දින 04ක් තුල ආසාදිතයින් 5700ක් 




දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා. අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,662ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. 

ඒ අනුව මෙරටින් ගතවූ දින 04 ක කාලය තුලදී පිට පිට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා. 

මෙරට දැනට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108,146ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 11,504ක්.

ගතවූ දින 05ක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,769ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ අතර තවත් කොරෝනා මරණ 11 ක් ඊයේ දිනයේ දී වාර්තා වුනා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ ගණන 678 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පිළියන්ද දෙහිඅත්තකන්ඩිය, මාතලේ, කළුතර, වත්තල, දිවුලපිටිය, පැපිලියාවල, අනුරාධපුර, කොළඹ 14, පරගස්තොට සහ කැළණිය ප්‍රදේශවල පදිංචිවි සිටි පුද්ගලයින් 11 දෙනෙක් එලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඔවුන් අතරින් වැඩි දෙනෙකුගේ මරණවලට හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.