Monday, April 29, 2024

General line - 0115112241

මෙරටට එන ඉන්දියානුවන් වෙනුවෙන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියක්




මෙරටට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් සඳහා මේවනවිටත් විශේෂ නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අංශ ගනු ලබන තීරණ අනුව ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු ඉදිරියේදී වෙනස් විය හැකි බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව දැඩිලෙස අර්බුදයකට ලක්ව සිටින පසුබිමක් තුළ එරටින් පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ඉන්දියාවෙන් මෙරටට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේවනවිට හඳුනාගෙන ඇති බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවා. ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ට සාපේක්ෂව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතරින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.