Tuesday, April 30, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිට එන සංචාරකයින්ට අමෙරිකාව සීමා පනවයි




ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැමිණවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ ඉන්දියාවේ සිඝ්‍ර ලෙස ඉහලගොස් ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි. ඒ අනුව දින 14ක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ හෝ එරට රැදී සිටි පුද්ගලයින්ට මැයි මස 04වන අගහරුවාදා සිට අමෙරිකාවට ඇතුල් වීම තහනම් වෙනු ඇතියි. කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවාවන්වල නිරතවන පිරිස් සඳහා එම සීමා අදාල නොවන බවයි ධවල මන්දිරය සඳහන් කළේ. 

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ 2,110ක්. කොරෝනා මරණ 3,522ක්ද ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි අනූ එක් ලක්ෂ 57,094ක්. එරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන දෙලක්ෂ 11,835ක් වන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.