Tuesday, April 30, 2024

General line - 0115112241

17වනදා තෙක් රට වසා තබන බවට අසත්‍ය පුවතක් පැතිරවූ පුද්ගලයින් සොයා CID යෙන් විමර්ෂණ




මේ මස 17වනදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාල අසත්‍ය ප්‍රවෘත්තිය පැතිර වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන ආරම්භ කර ඇති බවයි.