Thursday, May 2, 2024

General line - 0115112241

සංශෝධනයට ලක්වූ පිළියන්දල හුදෙකලා තත්ත්වය 




පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අද උදෑසන සිට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව එහි හුදකලා බව ඉවත් කර හෙට උදෑසන 5 සිට ග්‍රාම නිලධාරී වසම් 10ක් සහ මහරගම පොලිස් බලප්‍රදේශයේ එක ග්‍රාමසේවා වසමක් පමණක් හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව හෙට පෙරවරු 5.00 සිට හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් පහතින් දැක්වේ : 

පිළියන්දල පොලිස් බලප්‍රදේශය :

දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත නැගෙනහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර සහ මඩපාත

මහරගම පොලිස් බල ප්‍රදේශය :

ඇරැව්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම