Thursday, May 2, 2024

General line - 0115112241

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. 

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල මහජනතාව සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට තීරණය කළ බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේවෙතත් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා බාධාවක් නොවන දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය හරහා අයදුම්පත් භාර ගැනීම තවදුරටත් ක්‍රියාත්මකයි. 

එමෙන්ම ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කර ගත් සියලුම අයදුම්කරුවන් සඳහා ජාතික හැදුනුම්පත් එදිනම හෝ ඊට පෙර සකස් කර තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මේ දක්වා ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අයදුම්පත් යොමුකළ සියලු අයදුම්කරුවන් සඳහා ජාතික හැදුනුම්පත් කඩිනමින් සකස් කර තැපැල් මගින් යොමු කරනු ඇති. 

එමෙන්ම විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත්‍රයක් වැනි හදිසි සහ අත්‍යාවශය කටයුතු සඳහා ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලීම්කරුවන්ට විශේෂ දුරකථන අංක කිහිපයක්ද හදුන්වා දී තිබෙනවා.