Friday, May 17, 2024

General line - 0115112241

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා




බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඇයට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ බව තහවුරු වී ඇති බවයි. එම නිළධාරිනියගේ ස්වාමිපුරුෂයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ පිරිසකට “ඇන්ටිජන්” පරීක්ෂණ කෙරුණා.

එහි ප්‍රතිපළ අනුව කාර්යය මණ්ඩලයේ සෙසු අයට කොරෝනා ආසාදනය වී නැති බවටයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවයි බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඒ. පී. ගුණවර්ධන සඳහන් කළේ.