Monday, April 29, 2024

General line - 0115112241

රාමසාන් දිනයේ සියලු උත්සව නිවසට සීමා වෙයි




ඉස්ලාමීය බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් වන ඊද් - දුල් - ෆීතර් උත්සවය හෙවත් රාමසාන් උත්සවය අදයි. මෙම උත්සවය ඉස්ලාමීය බැතිමතුන් සමරන්නේ සිය රාමසාන් උපවාස කාලය අවසන් කරමින්. ඒ, සිය සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවයි. ඉස්ලාම් භක්තිකයින්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන අල් කුරානයේ නියම කොට ඇති පරිදි මාසයක් පුරා ඔවුන් උපවාසයේ නිරත වනවා. ඉන් අනතුරුවයි ඔවුන් අද ඊද් - දුල් - ෆිතර් උත්සවය සමරනු ලබන්නේ. රාමසාන් උත්සවය යනු කුමක්ද? 

මේ, ඉස්ලාම් ආගමික උපදේශකවරයෙකු වන මුතීර් මුලෆ්ෆර් මවුලවීතුමා. 

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මෙන්ම මෙම වසරේදීද, රාමසාන් චාරිත්‍රය උත්සවශ්‍රීයෙන් සැමරීමට ඉස්ලාම් බැතිමතුන්ට අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඉස්ලාම් බැතිමතුන් මෙම උත්සවය සමරන්නේ එලිමහන් ස්ථානයකට රැස්ව පිරිස් වශයෙන්. එහෙත්, මෙවර ඊට අවසර හිමිවන්නේ නැහැ. එසේනම් මෙවර ඊද් - දුල් - ෆිතර් උත්සවය සමරන්නේ කෙසේද? 

රාමසාන් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව, සමස්ථ ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයක් බවයි. 
ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයින්ගේ සාමූහික කැපවීමත්, අධිෂ්ඨානයත්, ඒ සඳහා තව තවත් යොමු වනු ඇතැයි ජනාධිපතිවරයාගේ විශ්වාසයයි. මුළු මහත් ජනතාවගේ කැපවීමත් ප්‍රාර්ථනයත් පවතින වසංගතයෛන් නිදහස් වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් බැවින් රාමසාන් සමය ඒ සඳහා ඉවහල් කර ගැනීම අගනා බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පවසන්නේ. 

රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වයක් පවතින කාලවකවානුවක රාමසාන් උපවාසයෙන් අර්ථවත් වන ආගමික සාරධර්ම සැමගේ යහපත සඳහා යොදවන ලෙසයි. රාමසාන් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වුවද, ඒ හා බැඳී පවතින ආගමික චාරිත්‍රයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමාවන්ට යටත්ව ඉටු කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් අපේක්ෂා කරන්නේ. 
අද දිනයේ රාමසාන් උත්සවය සමරන සියලුම ඉස්ලාම් බැතිමතුන්ට නෙත් එෆ් රේඩියෝව ද සුබ පැතුම් එක් කරනවා.