Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක කොවිඩ් ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහලට




ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,269 දෙනා ගෙන් 664 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලින් ආසාදිතයින් 39 දෙනා බැගින්, හංවැල්ල 37ක්, හෝමාගම 33ක්, ග්‍රෑන්ඩ්පාස් 29ක් සහ දෙමටගොඩ 25ක් ලෙස ආසාදිතයි වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 301ක් දෙනෙකු වාර්තා වී ඇත. කඩවත 34ක්, කටුනායක 29, කිරිඳිවැල 17ක්, බියගම 21ක්, ගම්පහ 20ක් සහ මිනුවන්ගොඩ 22ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 121ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. පානදුර - දකුණ 45ක්, කළුතර - උතුර 22ක්, මතුගම 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. 

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පන්නල සහ හෙට්ටිපොළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනා බැගින්, කුරුණෑගල 12ක් ලෙස වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 155 දෙනෙකු වාර්තා වී තිබෙනවා. හබරාදුව 32ක්, අහංගම සහ පොද්දල ප්‍රදේශවලින් ආසාදිතයින් 20 දෙනා බැගින් සහ ගාල්ල නගරයෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ. 

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 59 දෙනෙකු වාර්තා වී ඇත.

මීට‍ අමතරව කෑගල්ල 91ක්, බදුල්ල 42ක්, අම්පාර 16ක්, අනුරාධපුර 126ක්, ත්‍රිකුණාමලය 25ක්, වව්නියාව 10ක්, මුලතිව් 13, නුවරඑළිය 67, මහනුවර 61ක්, රතන්පුර 174, පුත්තලම 40, යාපනය 31ක්, මාතලේ 31ක්, කිලිනොච්චිය 03, පොළොන්නරුව 80, හම්බන්තොට 18, මොණරාගල 22, මඩකලපුව 20ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 24ක් වාර්තා වී ඇති අතර, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව  892ක් දක්වා ඉහළ ගොස් ඇත.