Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායන නීති කඩ කරමින් නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු මොරටුව, උස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොටිඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එහිදී මත්පැන් පානය සඳහා පැමිණි පුද්ගලයින් හත්දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 19 ත් 38 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් රත්මලාන, මොරටුව, ලුනාව සහ අගුලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

එම ස්ථානයේ තිබූ නිති විරෝධි මත්පැන් ස්ප්‍රීතු ලීටර් හයක් සහ උපකරණ  රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.