Thursday, May 16, 2024

General line - 0115112241

නිරිත දිග මෝසම සක්‍රිය වෙයි - ඉදිරි දින තුනේ වැසි වැඩිවන බවට අනාවැකි




නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කළේ. මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් අතුල කරුණානායක.

දිවයින හරහා සුළගේ වේගයද ඉහල යා හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා සියලු අංශ ඒ සඳහා සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ.