Monday, May 6, 2024

General line - 0115112241

ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවේන්




ලොව දෙවන වේගවත්ම කාන්තාව බවට පත්වීමට ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූරී ශෙලී ඈන් ෆ්‍රෙසර් ප්‍රයිස් ඊයේ සමත් වුණා. ඒ, ජැමෙයිකාවේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී කාන්තා මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10 යි දශම 06 යි 03 කින් නිම කරමින්.

මෙම දක්ෂතාව වාර්තා පොතට එක් වූයේ කාන්තා මීටර 100 ධාවන ඉසව්වේදී ක්‍රීඩිකාවක් වාර්තා කළ සිව්වන හොදම කාලය ලෙසයි.

එමෙන්ම මෙම දක්ෂතාව වසර 33 කට පසු එම ඉසව්වේ වාර්තා වූ හොදම තරග නිමි කාලයද වනවා. කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ අමෙරිකාවේ ලෝරන්ස ග්‍රිෆීත්. ඇය දක්වා ඇති දක්ෂතාව තත්පර 10 යි දශම 04 යි 09 ක්. ඇය 1988 වසරේ දී එම ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.