Friday, November 29, 2024

General line - 0115112241

පීඩන අවපාතය තමිල්නාඩු වෙරළ දෙසට




නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම අද දිනයෙන් පසු අවම වනු ඇති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

දිවයිනේ උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.


පැවති අධික වැසි සහ ආපදා හේතුවෙන් පුද්ගලයින් හාර ලක්ෂ 1,707 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා මරණ 12ක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ එකක් වාර්තාවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ දක්වා වාර්තා වී ඇති පූර්ණ නිවාස හානි ගණන 102ක්. 

අර්ධ නිවාස හානි 1,952ක් වාර්තා වී තිබෙනවා. 

ආරක්‍ෂිත ස්ථාන 345ක තාවකාලිකව රඳවා සිටින පුද්ගලයින් ගණන 36,330ක්. 

මේ අතර, ගතවූ පැය 24 තුළ වර්ෂාවේ අඩු වීමක් දක්නට ලැබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. 
 

කෙසේවෙතත් වාරි ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බැවින් පහත් බිම් ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද පවතිනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ. 


දැදුරුඔය, රාජාංගනය, යාන් ඔය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවලට තවදුරටත් විශාන ජල කඳක් මුදා හැරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.